අගමැති වරාය විකුණූ චෙක්පත ඊයේ වනතුරු මහා බැංකුවට නොදැමූ බව එකාබද්ධයට කිව්වේ මහා බැංකු අධිපති…

තනතුරට පත්වූදා සිටම එ .ජා . ප විරෝධී පිළිවෙලක සිටිමින් අගමැතිවරයාගේ නියෝග සතයකට මායිම් නොකොට කටයුතු කරන මහ බැංකු අධිපතිවරයා එළබෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් එ .ජා .ප යට සහ අගමැතිවරයාට අපහාස කිරීමේ වැඩ පිළිවෙලක් අරඹා ඇති බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

මෙහි ආසන්නතම සිදුවීම ලෙස හම්බන්තොට වරාය බදුදීමෙන් චීන සමාගමෙන් ලැබුණු චෙක්පත අගමැතිවරයා විසින් මහා බැංකුවට ලබා නොදී ලංකා බැංකුවට ලබා දී ඇතිබව බන්දුල ගුණවර්ධන මහතා ලවා ප්‍රකාශ කරවමින් අගමැතිවරයා අපහසුතාවයට පත් කිරීම සදහන් කල හැකි බවයි එජාප මන්ත්‍රීවරයෙකු අප වෙත ප්‍රකාශ කර සිටියේ.

මහ බැංකු අධිපතිවරයාගේ මෙම එ .ජා .ප විරෝධී අගමැති විරෝධී ක්‍රියා පිළිවෙත පසුපෙළ මන්ත්‍රීන්ගේ දැඩි අවධානයට යොමුවී ඇති බවයි එම වාර්තා වැඩිදුර සඳහන් කර සිටියේ.

(Visited 6 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප