අගෝස්තුවේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළට!

මේ වසරේ අගෝස්තු මාසයේ දී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය වසර පහට සාපේක්ෂව තුන් ගුණයක ඉහළ යාමක් බව  කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළේ ඩෙංගු කීට ඝණත්වය ද අගෝස්තු මාසය තුළ යම් කිසි වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

ජනතාව ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පිරිසිදු කිරීම අඛණ්ඩව සිදු නොකළහොත් වසර අවසානය වන විට වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ප්‍රමාණාත්මක ලෙස ඉහළ යා හැකි බව නජිත් සුමනසේන මහතා කියා සිටියේය.

(Visited 5 times, 1 visits today)

කාටූන්

ජයාරූප