අද සිට පොලිතින් තහනම් !

මයික්‍රෝ 20 ට අඩු පොලිතීන් භාවිතාව හා ඒ ආශ්‍රිතව භාණ්ඩ නිපදවීම සහ විකිණීම තහනම් කිරීමට අදාල ගැසට් නිවේදනය රජය විසින් අද (1)   නිකුත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සදහන්.

අදාල ගැසට් නිවේදනයට අනුව සියලුම ආකාරයේ පොලිඑතිලින්, පොලිප්රොටපිලින්,පොලිඑතිලීන් නිෂ්පාදන හෝ පොලිප්රො,පිලින් නිෂ්පාදන දේශපාලන, සාමාජියීය, ආගමික, ජාතික, සංස්කෘතික හෝ වෙනත් යම් උත්සව හෝ අවස්ථාවලදී සැරසිලි සදහා භාවිතය තහනම්.

එමෙන්ම කිසිදු තැනැත්තෙකු ප්ලාස්ටික් අඩංගු කසල හෝ පහසුවෙන් දැවෙන වෙනත් ද්‍රව්‍ය එළිමහනේ පිළීස්සීමට ඉඩ සැලැස්වීම හෝ ඊට අවසර ලබාදීම නොකළ යුතු බව අද දිනයේ නිකුත් කළ තවත් ගැසට් නිවේදනයකින් දක්වා ති‍බේ.

වැඩි ඝනත්වයෙන් යුතු පොලිඑතලීන් අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගෙන මළු නිෂ්පාදනය, විකිණිම, නොමිලේ ලබාදීම, ප්ර දර්ශනය කිරිම හෝ භාවිත කිරිම තහනම් කරමින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව සදහන්.

අද දිනයේ නිකුත් කර ඇති තවත් ගැසට් නිවේදනයක සදහන් වන්නේ ආහාර දවටන හෙවත් ලන්ච් ෂීට්  නිපදවීම, විකිණිම, නොමිලේ ලබාදීම, හෝ භාවිතය තහනම් කෙරෙන බවයි.

මයික්රෝන 20 හෝ ඊට අඩු පොලිතීන් හෝ පොලිතීන් නිෂ්පාදන නිපදවීම, විකිණිම, නොමිලේ ලබාදීම සහ භාවිතය තහනම් කරමින්  ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

කෙසේවෙතත් මෙම ගැසට් නිවේදන මගින් අද දින සිට පොලිතීන් භාවිතය තහනම් කළ ද එළඹෙන ජනවාරි මස 01 වනදා දක්වා සහන කාලයක් ලබා දෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පැවැසීය.

(Visited 25 times, 1 visits today)

කාටූන්

ජයාරූප