අන්තවාදී විග්නේශ්වරන් සිංහල ඉස්කෝලේ ළමයින්ට වතුර ටිකවත් දෙන්නේ නෑ !

“උතුරේ මහ ඇමැති අන්තවාදියෙක්‌. ඉරට්‌ටකුලම් සිංහල ඉස්‌කෝලෙ ළමයින්ට වැසිකිළි යන්නවත් විග්නේෂ්වරන් වතුර ටිකක්‌ ගන්න දෙන්නේ නෑ. වතුර ගෙනියන්නේ අපි ගෙදරින් කියලා. ඒ ළමයි මට කිව්වා…” පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා  ප්‍රකාශ කර තිබේ.
යෝජිත ව්‍යවස්‌ථාව සහ රටේ අනාගතය මැයෙන් මාතලේ – හෝටල් පාසල් ශ්‍රවණාගාරයේ පැවති ජනහමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
එමෙන්ම ප්‍රභාකරන්ටත් වඩා සම්බන්ධන්ට බිය විය යුතු බවත්, යෝජිත ව්‍යවස්‌ථාවට ජනමත විචාරණයක්‌ ගෙන ආවොත් රට තුළ යළිත් ලාම්පු – කළගෙඩි සෙල්ලම රඟ දැක්‌වෙන බවද ඒ මහතා සඳහන් කළේය.
ලාම්පුවට ඡන්ද වැඩියෙන් වැටුණොත් රට කෑලි කෑලිවලට කැඩීයැමේ වැඩි අවස්ථාවක් ඇති බවද ඒ මහතා කියා සිටියේය.
මන්ත්‍රීවරයා යෝජිත ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක වුව හොත් සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනතාව අතර මාතලේ අද පවතින සංහිඳියාව අනිවාර්යෙන්ම නැතිවන බව පැවසීය.
යෝජිත ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක වුවහොත් නෝර්වේ රජයට ප්‍රසිද්ධියේම අවි ආයුධ අපේ රටට දිය හැකි බවද පැවසූ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා යුද හමුදාව මෙන්ම උතුරේ පොලීසිත් නීත්‍යනුකූල වීමේ අවදානම පැහැදිලි කළේය.
(Visited 3 times, 1 visits today)

කාටූන්

ජයාරූප