අපිට එපා කරපු කෝලිගේ අපි නොදැකපු මනුස්සකම

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි හා අනුෂ්කා ශර්මා අතර පැවැති විවාහයෙන් අනතුරුව ඔවුන්ගේ විවාහ සාදය උත්සවශ්‍රීයෙන් මුම්බායිහිදී පැවැත්වී තිබේ.

ලෝක ප්‍රකට පුද්ගලයන් මෙන්ම ඉන්දියාවේ සුවිශේෂී පුද්ගලයන්ට මෙම උත්සවයට කෝලි විසින් ආරාධනා කර තිබුණා.

නමුත් ශ්‍රී ලාංකිකයන් විදිහට අද කවුරුත්  මේ ගැන කතාකරන තවත් විශේෂත්වයක් තියෙනවා.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්, ඉන්දිය නළු නිළියන්, ඉන්දීය දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටි මෙම උත්සවයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රේකෂකයෙක් වන ගයාන් සේනානායකටද ආරාධනා කිරීමට විරාත්කෝලි කටයුතු කර තිබීමයි.

මේ ගැන සමාජ මාධ්‍ය මෙන්ම බොහෝ ලාංකිකයෝ අගය කරමින් කතා කර තිබුණා.

ගයාන් අද පෞද්ගලික මාධ්‍යයකට කියා තිබුනේ එම විවාහ මංගල්‍යයයේදී විරාත් කෝලි සහ ශාරුක් ඛාන් රංගනයේ යෙදී සිටියෙදී විරාත් කෝලි ඔහු ලගට පැමිණ ඔවුන් දෙදෙනා සමග රංගනයේ යෙදීමට තමාවත් රැගෙන ගිය බවය.

(Visited 11 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප