අප ජීවත් වන මේ ශ්‍රී ලංකාව ලෝකයේ බොහෝ රටවලට වඩා පැරණි ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයකට උරුම කියන රටක්.

අප ජීවත් වන මේ ශ්‍රී ලංකාව ලෝකයේ බොහෝ රටවලට වඩා පැරණි ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයකට උරුම කියන රටක්. වසර 2500 කටත් වැඩි ලිඛිත ඉතිහාසයක් ඇති රටක්. පෙර අපරදිග යා කරන මුහුදු මාවතේ භූගෝලීය වශයෙන් ඉතාමත් වැදගත් ස්ථානයක පිහිටි දුපතක් වීම නිසා ලෝකයේ විවිධ ජාතීන් සමඟ ඉතිහාසය පුරා වෙළහෙලදාම් කල ජාත්‍යන්තර සම්බන්ධතා පැවත්වූ රටක්.ටොලමිගේ ලෝක සිතියම වගේ ලෝකයේ පැරණිතම ලිපි ලෙඛන වල සඳහන් වූ රටක්. ඉන්දියාවට ආසන්නව පිහිටීම හා ප්‍රධාන මුහුදු මාර්ගයක පිහිටීම නිසා විවිධ සංක්‍රමඛිකයින් ඇවිත් පදිංචි වූ රටක්. විවිධ ආක්‍රමණයන්ට ලක්වූ රටක්. ඉතිහාසය පුරා අපට ස්වර්ණමය යුගයන් මෙනම දුර්බාග්‍යසම්පන අඳුරු යුගයන්ද පසුකරන්නට සිදුවුනා. විශේශයෙන්ම 1505 සිට 1948 දක්වා යුරොපීය ජාතීන් තුනකගේ ආක්‍රමණයන්ට ලක්ව අවසානයේ ශතවර්ශයකට වැඩි කාලයක් බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ලෙස සිටින්නටත් සිදුවුනා.
1948 නිදහස ලැබීමෙන් පස්සේ අපේ රටේ ස්ථාපිත වූයේ ප්‍රජාතාන්ත්‍රවාදී ආන්ඩු ක්‍රමයක්. එයත් විවිධ ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයන්ට ලක්වෙමින් පසුගිය වසර 69 තුල අගමැතිවරු 6 දෙනෙකු හා ජනාධිපතිවරු 6 දෙනෙකු මේ රට පාලනය කර තිබෙනවා. විවිධ පක්ෂ , පෙරමුනු හා හවුල් මුල්කරගත් ආන්ඩු 15කට වැඩිය මේ රටේ චන්ද දායකයින් විසින් බලයට පත්කර තිබෙනවා.
මේ පසුබිම තුල අපි ආපහු හැරිලා බැලුවොත් විශේශයෙන්ම නිදහස ලබා ගත කල වසර 69 ක කාලය තුල මොනතරම් දුරට අපේ රට රටවැසියන්ගේ අපේක්ෂාවන් ඉටුකරගෙන තිබෙනවාද යන්න ගැටලුවක්. අද පුවත් පතක් බැලුවත් , රූපවාහිනිය නැරබුවත් රටේ නායකයෙකුගේ කතාවකට සවන්දුන්නත් අපට අසන්නට දකින්නට ලැබෙන්නේ අඳෝනාවන් පමනයි.
එක පැත්තකින් දරන්නට බැරි ණය බරක් ගැන කියනවා
තව පැත්තකින් රටේ අගමැතිවරයාම චෝදනා කරනවා ආර්ථිකය එකතැන නතරවෙලා කියල
විරුදද පක්ෂය චෝදනා කරනවා නීතිය අවනීතිය වෙලා, පොලිස් රාජ්යයක් බිහිවෙලා රාජ්‍ය මර්ධනයක් ක්‍රියාත්මක වෙනවා කියලා.

දිගින් දිගටමරජය විසින් දේශපාලන ප්‍රතිවාදීන් අත් අඩංගුවට ගැනීම් සිරගත කිරීම් ගැන වාර්ථා අසන්නට ලබෙනවා.
පාතාල කල්ලි වලින් මහදවාලේ කරන වෙඩිතබීම් , මිනීමැරුම් හා අනෙකුත් අපරාද ගැන අහනකොට ඉස්සර අපි අහල තිබුන චිකාගෝව මතක් වෙනවා.

30 අවුරුදු යුද්ධයක් අවසන්ව 8 වසරකට පසුත් අපි තාමත් ජාතික සංහිදියාවක අවශ්‍යතාව ගැන කතා කරනවා
ආගම්වාදී බෙදීම් එන්න එන්න තීව්‍ර වෙනවා. සමාජ වෙබ් අඩවි වල ආගම් වාදීන් එකිනෙකාට අපහාස කර ගන්නවා.
උසස්පෙල සමත්වූවන්ගෙන් 9% කටත් විශ්වවිද්‍යාල උපාදිධාරීන්ගෙන් 5% කටත් රැකියා නැහැ
සමලිංගික සේවනය නීතිගත කරන්නට කථිකාවතක් ආරම්බ වන තරමට සංස්කෘතිය විකෘතියකට ලක්වෙමින් පවතිනවා,
පොදු ප්‍රවාහන සේවා ඉතා දුර්වල මට්ටමක පවතිනවා. ඒ නිසා පෞද්ගලික වාහන වැඩි වීම මාර්ග පද්ධතිඅයට දැරිය නොහකි විශාල අර්බූදයක් බවට පත්වෙමින් තිබෙනවා.
මිලියන 20ක ජනගහනයකට ජීවත් වීමට සුදුසු මට්ටමේ නිවාස තිබෙන්නේ මිලියන 3 යි.
විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් පමනක් නොවෙයි, රණවිරුවන් පවා අනාථ භංගත්වට පත්වෙලා පාරෙ උද්ගෝශනය කරනවා.
වෛද්‍යවරු පමනක් නොවෙයි ඉතිහාසයේ ප්‍රථම වතාවට විනිශ්චයකාරවරුත් විරෝදතාවලට එක්වෙනවාසිටිනවා.
මොන පැත්තෙන් බැලුවත් රට අර්බූද රැසක පැටලිලා.
විශේෂයෙන්ම වත්මන් රජයේ වසර දෙකක පාලන කාලය තුල ආර්ථිකයට සිදුවී ඇති දේ බුද්ධිමත් විග්‍රහයකට ලක් කලොත් දකින චිත්‍රය කිසිසේත්ම සතුටුදායක එකක් නොවෙයි. මම ඔබට උදහරණ කිහිපයක් දෙන්නම් අද රටේ ආර්ථික තත්වය මීට වසර දෙකට පෙර තිබුන තත්වයට සාපේක්ෂව.
පසුගිය වසර දෙක තුල
ආර්ථික සංවර්ධන වර්ධන වේගය 14.5% කින් අඩු වී තිබෙනවා.
විරැකියාව 7% කින් වැඩි වෙලා තියනවා .
විදේශ ආයෝජන ඇමෙරිකානු ඩොලර් මිලියන 1,635 ක් සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 450 දක්වා පහල වැටී තිබෙනව. මෙය 72% ක පහත බැසීමකි.
කොළඹ කොටස් වෙළඳ පොල 15.2% කින් කඩා වැටී තිබෙනවා.
රුපියලේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 14% පමන අවප්‍රාණය වී තිබෙනවා. විදේශ ණය වාරික ඉහල යාමට මෙයද ඍජුවම බලපාන හේතුවකි.
රාජ්‍ය ණයබර 2014 දී මාස 21 ඉහල ගොස් ත්බෙනවා. 2
2014 අවසන් වන විට දල ජාතික නිශ්පානයේ ප්‍රතිශතයක් 70.7 % දක්වා අඩුවු වී තිබුන රාජ්‍ය ණය 2016 අවසන් වන විට යලිත් 81% දක්වා වැඩි වී තිබෙනවා.
2015/2016 වසර දෙක තුල විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 8.3 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 5.1 දක්වා අඩු වී තිබෙනවා
2016 මාර්තු -ජුනි කාලය තුල ලෝකයේ පිලිගත් ෆිච්, මූඩීස්, එස් ඇන්ඩ් පී යන ශ්‍රේණිගතකිරීම් ආයතන 3 විසින්ම ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ ශ්‍රේණිගතකිරීම් වලින් ලංකාවේ ශ්‍රේණිය පහලට දමන ලැබුවා.
ලෝකප්‍රකට බ්ලූම්බර්ග් ආයතනය විසින් 2017 ජනවාරි වන විට ලංකාව විදේශ ආයෝජනවලට අනතුරු දායක රතු කලාපයක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා.
නිදහසින් වසර 69කට පසුත් අප තාමත් ඉන්නේ මෙතැනම එයට වග කිවයුත්තේ කවුද යන ප්‍රශ්ණය් අපට අනිවාර්‍යයෙන්ම අසන්නට සිදුවනවා. අප වරදා ගත්තේ කොතනද් ? අනෙක් අතට එසේ ප්‍රශ්ණ කිරීමෙන් ඇති ඵලය කුමක්ද ? වඩා වැදගත් වන්නේ ඒ සම්බන්ධයෙන් අප කරන්නේ කුමක්ද යන්නයි.
අද මේ ස්ථානයේ රැස්ව සිටින ඔබ මේ රටේ උගතුන් විද්වතුන්, වෘතිකයින් හා ව්‍යවසායකයින්. ඔබ අප වැනි තවත් දහස් ගනනක් සමාජයේ ඉන්නවා. මේ අතරින් වැඩි පිරසකට අද අප රට මුහුනපා සිටින කනගාටුදායක තත්වය තේරෙනවා. ඒ නිසා තමයි ඔවුන් විටින් විට මැතිවරන වලදි විවිධ දේශපාලනඥයින්ට චන්දය පාවිච්චි කරමින් ,ආන්ඩු වෙනස් කරමින් අත්හදා බැලීම් කරන්නේ.
රට ගැන කැක්කුමක් තියෙන අය එක්වු විට ඔවුන් බොහෝ විට රටේ ප්‍රශ්ණ ගැන සාකච්ඡා කරනවා. පවතින ක්‍රමයේ අඩු පාඩු පෙන්වා දෙමින් පාලකයින්ව විවේචණය කරනවා. තමුන්ට අවස්ථාවක් ලැබුනොත් මේ ප්‍රශ්ණ විසඳන බවත් කියනවා. නමුත් මේ සාකච්ඡා වලින් රටට කිසිදු වැඩක් වෙන්නේ නැහැ. මොකද රට පාලනය කරන අය හා මේ අය අතර කිසිදු සම්බන්ධතාවක් නැති නිසා.
අප අතර යම් පිරිසක් සිටිනවා ඇත්තෙන්ම සක්‍රීයව රටට වැඩක් කරන්නට කැමති. ඔවුන්ට තිබෙන ගැටලුව ඒ වෙනුවෙන් අවස්ථාව නැති කමයි. ඔවුන්ට දේශපාලන නායකත්වයට සම්බන්ධයක් නැහැ. කැමැති උනත් රාජ්‍ය පාලනයට යම් දායකත්වයක් ලබාදෙන්නට අවස්ථාවක් නැහැ.
වියත්මග කියන සංවිධානය මීට හරියටම වසරකට පමන කාලයකට පෙර ආරම්ඹ් වන්නේ මේ වටපිටාව යටතේයි.
වියත්මග සංවිධානය යනු රටට ආදරය කරන, එහි සංවර්ධනය අපේක්ෂා කරන, ඒකීය රටක් තුල සියලු ශ්‍රී ලාංකිකයන් සතුටින් සාමයෙන් හා සහජීවනයෙන් විසිය යුතු බව විශ්වාසකරන, රටවෙනුවෙන් යම් කාර්‍ය භාරයක් ඉටුකරන්නට කැපවූ විද්වතුන් වෘතිකයන්, හා ව්‍යාපාරිකයන්ගේ එකමුතුවකි. වියත්මග දේශපාලන සංවිධානයක් නොවේ. එය රටේ අනාගත අභිවෘදිය වෙනුවෙන් ගොඩනැගෙන මහජන බලවේගයක්
අන්‍යයන් ලවා අත්හදා බැලීම් කරනවා වෙනුවට මේ රටේ විද්වතුන්ට වෘතිකයින්ට ව්‍යවසායකන්ට රාජ්‍ය පාලනය වෙනුවෙන් සක්‍රීය කාර්යභාරයක් ඉටුකරන්නට කාලය ඇවිත් කියා අප විශ්වාස කරනවා.
රාජ්‍ය පාලනය සඳහා දේශපාලනඥයාත් රාජ්‍ය නිලධාරියාත් යන කොට්ටාශ දෙකම අවශ්‍යයි. ඒ වගේම දේශපාලනඥයින්ට හොඳ උපදේශකයින් අවශ්‍යයි. සැලසුම් සකස් කරන්නටත්, ඒවා ක්‍රියාත්මක කරන්නටත් දක්ෂ පුද්ගලයින් අවශ්‍යයි. අපි විශ්වාස කරණවා වියත්මග හරහා අපිට අනාගත රජයකට සක්‍රීයව දායකත්වයක් ලබාදිය හැකි උගත් බුද්ධිමත් පලපුරුදු පිරිසක් ඒක රාශී කරන්නට පුලුවන්ය කියා.
අපි අනාගතයෙ දකින්නට බලාපොරොතු වන්නේ පිරිපුන් රටක්. සැමට සමාන නීතියක් ක්‍රියත්මක වන, පුරවසියන්ගේ ප්‍රජාතන්ත්‍රික අයිතීන් සුරකින, ආර්ථික වශයෙන් සවිමත් වු, උගත් බුද්ධිමත් නිරොගී කාර්යශීලි ජනතාවක් සිටින, කලාව සංස්කෘතිය අගයන, ජාතිවාදයෙන් ආගම්වාදයෙන් මිදුන, සුරක්ෂිත ස්වෛරී රටක්
අන්න ඒ පරිපූර්ණ රට ගොඩනැගීම සඳහා අවශ්‍යකරණ පසුබිම සකස් කිරීමටත් ඒ රට ගොඩනැගීමටත් සක්‍රීය දයකත්වයක් ලබාදීමටත් අපි බලා පොරොත්තු වෙනවා. රටට හොඳක් වෙනවා නම් පවතින රජයට මෙන්ම මතු බිහිවන රජයකටත් එකසේ අපගේ සහයෝගය අප ලබා දෙන්නට සූදානම්. නමුත් පවතින රජයනම් වෘතිකයන්ගෙන් විද්වතුන්ගෙන් ව්‍යවසායකයන්ගෙන් වැඩක් ගන්නා බවක් නම් ත්වම පෙනෙන්නට නැහැ.
අද මේ සම්මන්ත්‍රණය පවත්වෙන්නේ පරිපූර්න දේශයක් වෙනුවෙන් වියත්මග කියන තේමාව යටතේයි. අද ඔබට කෙටි දේශණ ගනනාවක් අසන්නට ලැබෙයි විවිධ මාතෘකා යටතේ. එවා කිසිවක් ශීර්ඝ දේශණ න්වේ. අනාගතයේ අප කරන්නට බලාපොරොත්තු වන අධ්‍යයනට පූර්විකාවක් ලබා ගැනීම පමනයි අපේ බලාපොරොත්තුව අද දවසේ. මේ සමන්ත්‍රණයෙන් ඔබ්බට ගොස් මේ විවිධ විශයන් පිළිබඳ දැනුමක් ඇති මතවාදයන් ඇති උවමනාවක් ඇති පිරිස් ඒක රාශී කරන්නට අප බලපොරොත්තු වෙන්වා. ඒ තුලින් අනාගතය සඳහා සැලසුම් සකස් කරනවා පමනක් නොවෙයි මතු දිනක ඕනෑම පවතින රජයකට දේශපාලන මති මතාන්තර වලට සිර නොවී තම ක්ශේත්‍රය තුල සක්‍රීය දායකත්වක් දිය හැකි විද්වතුන් වෘතිකයින් හා ව්‍යවසායකයින් කන්ඩායමක් හඳුනා ගන්නට අපි බලාපොරොත්තු වෙනවා.
වියත්මග ක්‍රියාකාරිකයෙකු වීමට ඔබ කිසිම කෙනෙකුට සීමාවක් නැහැ. අවශ්‍යවන්නේ ඔබේ කැපවීමහ් හා කාලය පමනයි. ඒ නිසා අපි අද ඔබ සියලු දෙනාටම විවෘත ආරාධනයක් කරනවා පිරිපුන් දේශයක් ගොඩනැගීම සඳහා මූලිකත්වය ගෙන දේශපාලනඥයින් හා උරින් උර ගැටී කටයුතු කරන්නට සූදානම් වන්න කියා.

(Visited 52 times, 1 visits today)

කාටූන්

ජයාරූප