අම්පාර දබන ප්‍රාදේශීය කොට්ටාශයේ අසරණ වූ ඉරිඟු ගොවීන්ගේ සෝචනීය කතාව

අම්පාර දබන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගම්මාන රැසක ජනතාව සියදිවිය සරිකරගන්නේ බඩඉරිඟු වගාවෙන් .නිසිකලට වැසි නොලැබීම හේතුවෙන් කන්න කිහිපයක්ම ඔවුන්ට තම වගාවන් කිරීමට නොහැකි වුනා .කෙසේවෙතත් ධරිත්‍රතාවයේ අන්තයටම ගිලී සිටින ඔවුන් මේ කන්නයේ හෝ වැසි ලබේවී යන බලාපොරොත්තුවෙන් සිය වගාකටයුතු ආරම්භ කලද මෙවරත් වැසි නොලැබීම හේතුවෙන් වගාවන් විනාශ වෙමින් පවතිනවා .මෙලෙස වගාව සරුසාරව තිබෙන බව බැලු බැල්මට පෙනුනද ,ගස්වල මුල් හා ඉරිඟු කරල් මේ වනවිටත් වියලී ගොස් අවසන් .ගොවීන් පවසන්නේ වර්ෂාව පමණක් නොව නිසිකලට පොහොර නොලැබීමද මෙයට බලපෑ බවයි .ඒ ගැන තව දුරටත් පැහැදිලි කරදුන්නේ මෙයට මුහුණ පා සිටින අසරණ  ගොවි මහතෙකුයි .

මේ පොලොව කට්ට වෙලා තියෙන්නේ ,මේ පොළොවේ එක වතුර පොදක් නැ මේවෙනකොට ,මේ ඉරිඟු කරල් හැදෙන වෙලාව ,මේ ඉරිඟු කරල් වලට වතුර ඕන වෙලාව ,අනාගතයේදී මේ ඉරිඟු වගාවට පොහොර සහනාධාරය දෙන්න බැරිනම් මේ රජයට අපි ඉල්ලනවා මේ 1200 කඩවලට හැමදාම ගොවීන්ට ඕන වෙලාවක  ගන්නපුළුවන් විදිහට මේ පොහොර  සහනාධාරය දෙන්න කියලා .මේ කරල් දැන් තව දවස් දෙකක් විතර යනකොට පරාගනය වෙන්නෝන කාලේ .මේකේ ඇට හැදෙන්නේනැ ආයිත් .ඊට පස්සේ මේක වෙලිලාම යනවා .

දබන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බඩ ඉරිඟු වගාවන් අක්කර 20,000ක්  පමණ මෙලෙස විනාශ වෙමින් පවතිනවා .දබන, පන්නල්ගම ,බක්මිටියාව වටිනාගල ,කරබාන ඇතුළු ගම්මාන රැසක ගොවීන් පවසන්නේ වගා නය පවා ගෙවාගැනීමට නොහැකිව තමන් අසරණවී ඇති බවයි .

තවත් අසරණ වූ ගොවිමහතෙක්

මේ ඇත්තෝ හිතාගෙන ඉන්නේ, මේ පාලකයෝ හිතන් ඉන්නේ, මේ ඉරිඟු, ගහේ  මාස දෙකේ තුනේ තියෙනවා කියලා හැදෙන්න . දින 45 යනකොට අපේ මහත්තයෝ ගහට දාන්න පුළුවන් පොහොර තුන්පාර දාලා ඉවර වෙනවා .එතනින් එහාට ආයි පොහොර දාලා වැඩක් නැහැ .

කෙසේවෙතත් අවසානයේ ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ 50% කින්  වත් මේ වගා නය කපා හරින ලෙසයි .ඒ වගේම රක්ෂණය කර ඇති ගොවීන්ට පෙර ගෙවූ ලෙස රු .10,000 වැනි මුදලක් ලබානොදී 100% ක රක්ෂණ මුදක්ලක් ලබාදෙන ලෙසත් ය .

(Visited 5 times, 1 visits today)

කාටූන්

ජයාරූප