අරුක්කාඩුව ප‍්‍රදේශයට කසළ බැහැර කිරීමට පරිසර හිතකාමී වැඩපිළිවෙලක් අනුගමනය කර නෑ !

පුත්තලම අරුක්කාඩුව ප‍්‍රදේශයට කසළ බැහැර කිරීමේ කි‍්‍රයාවලිය වඩාත් වගකීමෙන් යුතුව සිදු කිරීමට සැලසුම් කර ඇති බවක් පෙනෙන්නට නොමැති බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
අරුක්කාඩුව ප‍්‍රදේශයට කසළ බැහැර කිරීම සඳහා පරිසර හිතකාමී වැඩපිළිවෙලක් අනුගමනය කරන බවට කළ ප‍්‍රකාශ මේ වන විට වෙනස් වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.
අරුක්කාඩුව ප‍්‍රදේශයට කසළ බැහැර කිරීම පිළිබඳ වැඩිදුර විමසා බැලීමට පසුගියදා පුත්තලම දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡුාවක් කැදවා තිබු අතර එයට අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු ජනතා නියෝජිතයින්ද පුත්තලම දිස්ති‍්‍රක් ලේකම්වරයා ඇතුළු නිලධාරින් පිරිසක් හා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියේය.
නොරොච්චෝලේ බලාගාරය හේතුවෙන් දහනය වන ගල්අගුරු අළු බැහැර කිරීමද බරපතළ ගැටළුවක් වී ඇතැයිද පුත්තලම සිමෙන්ති කර්මාන්තයෙන් පිටවන ¥ලි හා විෂ දුම් ජනජීවිතවලට බරපතළ තර්ජන එල්ල කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම යපස් උණු කිරීම වැනි කර්මාන්ත හේතුවෙන් ප‍්‍රදේශයට බරපතළ අවදානම් සහගත තත්ත්වයන් ඇති වී තිබෙන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීරණයකින් තොරව සාකච්ඡාව අවසන් වූ අතර අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ පුත්තලමේ ජනතා නියෝජිතයින් නිසි ලෙස දැනුම්වත් කිරීමකින්ද තොරව මෙම කටයුත්ත සැලසුම් කර ඇති බවයි.
එමෙන්ම මෙවැනි අවස්ථාවක කිසියම් හෝ ජනතා විරෝධයක් මතු වුවහොත් එවැනි තත්ත්වයකදී පුත්තලමේ ජනතා නියෝජිතයින්ගේ මැදිහත්වීමක් බලපොරොත්තු නොවන ලෙසද ඔහු අවධාරණය කර සිටියේය.
(Visited 15 times, 1 visits today)

කාටූන්

ජයාරූප