අලාභය අයකරගැනීමට ඇවන්ගාඩ් සමගම නඩුවක් ගොනු කරයි!

ඇවෙන්ගාඩ් සමාගම විසින් රුපියල් බිලියන 2යි මිලියන 400ක වන්දියක් ඉල්ලා අද (14) කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොණුකර ඇත.

ඒ ආරක්ෂක හමුදා මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඇතුලු තවත් තිදෙනෙකු වගඋත්තර කරුවන් ලෙස නම් කරමින්ය .

2015 වසරේ නොවැම්බර් 13 වනදා මුහුදු ආරක්ෂණ සේවයේ යොදවා තිබූ ඇවෙන්ගාඩ් සමාගමට අයත් නෟකාවක් නාවික හමුදාවට පවරා ගැනීමෙන් සිදුවූ අලාභය අය කර ගැනීමට මෙම නඩුව ගොණුකර ඇති බවයි වාර්තා වේ.

හිටපු නාවික හමුදා ප්‍රධානී ට්‍රැවිස් සින්නයියා, වර්තමාන නාවික හමුදාපති රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සහ නීතිපතිවරයා මෙම නඩුවේ අනෙකුත් වගඋත්තරකරුවන් වේ.

(Visited 5 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප