අවධානම දිවයිනෙන් ඉවතට..උතුරු නැගෙනහිර ධීවරයන් නම් තවත් අවධානම් වන්න!

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් සිදු නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දක්වා සිටියි.

එහි අධ්‍යක්‍ෂ අතුල කරුණානායක සඳහන් කළේ එම පීඩන අවපාතය ඉදිරි දින කිහිපය තුළදී තමිල්නාඩුව දක්වා ගමන් කරන බවයි.

කෙසේ වෙතත් උතුර – නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම තවදුරටත් අවදානම් බව ඔහු සඳහන් කළේය.

එහෙත් අනෙකුත් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ අතුල කරුණානායක වැඩිදුරටත් කියා සිටියේය.

(Visited 6 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප