අවසන් තරගය ගැන හතුරුගෙන් cricinfo වෙත විප්ලවීය ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීම සිය මුලික අපේක්ෂාව වන බව බංගලාදේශ ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ක්‍රීක් ඉන් ෆෝ  සමග සම්මුඛ සාකච්ජාවට එක්වෙමීන් සඳහන් කර තිබේ.

මේ වන විට තරග තුනකින් සමන්විත එක්දින තරගාවයේ එක් තරගයක් ජයග්‍රහණය කර සිටින සිය කණ්ඩායම අද (01) පැවැත්වීමට නියමීත අවසන් තරගය ජයග්‍රහණය කිරීමට හැකි බවට දැඩි විශ්වාසයකින් පසුවන බවද හෙතෙම අවාධාරණය කරයි.

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය ලකුණූ 90 කින් ජයග්‍රහණය කිරීමට බංගලාදේශ කණ්ඩායම සමත් වු අතර දෙවැනි  එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අත්හැර දැමුණී.

එ අනුව අද පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගය බංගලාදේශය ජයග්‍රණය කිරීමට සමත් වුවහොත් ඔවුන්ට තරගාවලියේ ජය හිමීවන අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණය කලහොත් සම තත්වයෙන් තරගාවලිය අවසන් වේ.

එසේම ශ්‍රී ලංකාව මව් රට තුලදී ශක්තිමත් කණ්ඩායමක් වුව ද මීට පෙර පැවති තරග කිහිපයේදී ඔවුන්ට හොඳින් මුහුණදීමට හැකිවු බව හතුරුසිංහ ක්‍රීක් ඉන් ෆෝ වෙත සඳහන් කර තිබේ.

එහෙයින් අවසන් තරගය තීරණාත්මක තරගයක් විය හැකි බව හා දැඩි තරගකාරී බවක් ගනු ඇතැයි ද චන්දික හතුරුසිංහ මහතා  වැඩි දුරටත් සඳහන් කර තිබේ.

(Visited 19 times, 1 visits today)

කාටූන්

ජයාරූප