අවසානයේදී රොබට් මුගාබේ ඉල්ලා අස්වෙයි

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව එරට කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කර තිබේ.
මේ අතර ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස සිම්බාබ්වේ හිටපු උප ජනාධිපති එමර්සන් මනන්ගාවා එරට ජනාධිපති රොබට් මුගාබේගෙන් ඉල්ලීමක් කර තිබුණි.
හිටපු උප ජනාධිපති මනන්ගාවා ධූරයෙන් පහ කිරීමට රොබට් මුගාබේ පසුගියදා පියවර ගත් අතර ඉන් අනතුරුව ඔහු එරටින් පලා ගොස් තිබුණේ ඝාතන කුමන්ත්‍රණයක් සම්බනධයෙන් තොරතුරු අනාවරණය වීම හේතුවෙනි.
මේ වන විටත් මනන්ගාවා විදෙස් ගතව සිටින අතර සිය ආරක්ෂව තහවුරු වන තුරු තම රට වෙත යළි නොපැමිණෙන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
උප ජනාධිපතිවරයා ධූරයෙන් පහ කිරීමත් සමඟ  සිම්බාබ්වේ හමුදාව එරට බලය අත්පත් කරගනු ලැබු අතර රොබට් මුගාබේ නිවාස අඩස්සියට පත් කෙරුණි.
ඔහුට ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස පාර්ශව කිහිපයක්ම ඉල්ලීම් කර තිබුණද ඔහු එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් රොබට් මුගාබේට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම සිම්බාබ්වේ පාලක පක්ෂය වන සානු පීඑෆ් පක්ෂය තීරණය කළේය.
(Visited 6 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප