අවුරුදු සමයේ වැඩි ගාස්තු අය කරන බස් වලට වැඩ වරදින ලකුණු

සිංහල අළුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන ජනතාවගෙන් වැඩිපුර ගමන් ගාස්තු අය කරන බස්රථ සම්බන්ධයෙන් දැඩි සේ විමසිලිමත් වන බව ජතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව එම ගමනාන්තය සඳහා නියමිත ගාස්තුව සඳහන් ටිකට් පතක් ලබා ගැනීම මගීන් සතු අයිතියක් බවද එම කොමිෂන් සභාව පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.ජේ.ප්‍රේමචන්ද්‍ර මහතා සඳහන් කළේ එසේ වැඩි ගාස්තු අයකිරීම් සම්බන්ධ මහජන පැමිණිලි මේ වන විටත් කොමිසම වෙත ලැබෙමින් පවතින බවය. එසේ ලැබෙන පැමිණිලි විභාග කර එම වරදට හසුවන බස් රථ වල මාර්ග බලපත්‍ර මාස 3ක් දක්වා අවලංගු කෙරෙන බවද කොමිසමේ සභාපති වරයා කීය.

මේ සම්බන්ධ පැමිණිලි ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ දවසේ පැය 24 පුරාම 1955 අංකයට යොමු කළ හැකි බවද ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසා සිටී. එ් හැරුණු කොට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගීන් පාලනය වන අන්තර් පළාත් බස් සේවාව ප්‍රමාණවත් නොවන දින වල සහ ගමනාන්තයන් සඳහා පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගීන් පාලනය වන බස් රථද අන්තර් පළාත් සේවා සඳහා යොදා ගන්නා බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කියයි.

එහිදී එම බස් රථ සඳහා ගමනාන්තයේ සිට ආපසු ගමන් වාර නොලැබෙන බැවින් එම බස් සේවාව සිංහල අළුත් අවුරුදු විශේෂ අර්ධ සුඛෝපභෝගී බස් සේවාවක් ලෙස නම් කොට අර්ධ සුඛෝපභෝගී සේවා ගාස්තුවක් එනම් සාමාන්‍ය ගාස්තුව මෙන් එකහාමාරක ගාස්තුවක් අය කිරීමට අවසර දී ඇති බවද කොමිසම පවසයි.

මේ සම්බන්ධයෙන් ‘ලක්බිම ඔන්ලයින්’ වෙත අදහස් පළ කළ පිටකොටුව බැස්ටියන් මාවතේ පෞද්ගලික මධ්‍යම බස් නැවතුම් පොළේ ප්‍රකාශකයෙකු සඳහන් කොට සිටියේ එම බස් රථ වල ස්ථාන කිහිපයකම සිංහල අළුත් අවුරුදු විශේෂ අර්ධ සුඛෝපභෝගී සේවාව යනුවෙන් ස්ටිකර් සවි කොට ඇති බවය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමසීම් 011 2 333 222 අංකයෙන් විමසා සිටිය හැකි බවත් මෙවර සිංහල අළුත් අවුරුදු සමයේ ගම්බ්ම් බලා යන ජනතාව බස් රථ වලින් සිදු කෙරෙන සියළු අසාධාරණ කම් වලින් මුදා ගැනීම ජාතික ගමනා ගමන කොමිසමේ අරමුණ බවත් ඔහු පැවසීය.

(Visited 14 times, 1 visits today)

කාටූන්

ජයාරූප