අස්ගිරි පාර්ශවයත් විජේදාස රාජපක්ෂ විශ්වාසභංගයට විරුද්ධවේ!

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන බව අස්ගිරි මහා විහාර පාර්ශවය පවසයි.

අද(16) පෙරවරුවේ අස්ගිරි මහා විහාරයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි  මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව පිළිබඳව තම පාර්ශවයේ අකමැත්ත ප්‍රකාශ කරන බවද උන්වහන්සේ පෙන්වා දී තිබේ.

එම යෝජනාවෙන් වැළකී සිටින ලෙසද උන්වහන්සේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බවද ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙය සිදු නොකළක් බවද උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දී ඇත.

(Visited 11 times, 1 visits today)

කාටූන්

ජයාරූප