ආණ්ඩුවේ අලුතින් පත්වූ නියෝජ්‍ය අමාත්‍යවරු!

රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

හර්ෂ ද සිල්වා – ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික සබදතා නියොජ්‍ය ඇමති
ලසන්ත අලගියවන්න – මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති
රන්ජන් රාමනායක – සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කදුරට සංවර්ධන නියෝජ්‍ය ඇමති
කරුණාරත්න පරණවිතාන – වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය ඇමති

එරාන් වික‍්‍රමරත්න – මුදල් රාජ්‍ය ඇමති
පාලිත රංග බණ්ඩාර – වාරිමාර්ග රාජ්‍ය ඇමති
වසන්ත සේනානායක – විදේශ කටයුතු රාජ්‍ය ඇමති
ලක්‍ෂමන් යාපා – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති

නව සංශෝධනයත් සමග 25 ක්ව පැවති නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 24 දක්වා අඩු වී ඇති අතර, 21 ක්ව පැවති රාජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 22 ක් දක්වා ඉහළ ගොස් ඇත .මීට අමතරව, අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සංශෝධනයක් ද ඉදිරියේදී සිදුවීමට නියමිත බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු පවසා සිට ඇත්තේ පසුගියදා සිදුකෙරුණු කැබිනට් සංශෝධනයේදී අමාත්‍යවරුන්ට විෂයන් පැවරීමට අදාළ ගැසට් නිවේදනය ද මෙම සතිය තුළ නිකුත් වීමට නියමිත බවයි.

(Visited 13 times, 1 visits today)

කාටූන්

ජයාරූප