ආණ්ඩුව ඇතුලේ ඉදන් විවේචනය කලාට ආණ්ඩුවෙන් යන්නේ නෑ !

කිසිඳු ලෙසකින් තමන් වත්මන් ආණ්ඩුවෙන් ඉවත් නොවන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
තමන් ප්‍රායෝගිකව දේශපාලන කටයුතු සිදුකරන බවත්, විවේචනය කළ යුතු අවස්ථාවලදී ආණ්ඩුව විවේචනය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
පානදුර බස් නැවතුම්පලේ තෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේය.
කොළඹ නගරයේ ජීවත් වන ජනතාවගේ මුලික අවශ්‍යතා සම්බන්ධයෙන් රජය මෙතෙක් අවධානය යොමුකර නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.
(Visited 3 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප