ආණ්ඩුව කාලය මරනවා..අවුරුදු පහ ගෙවාගන්න විදියක් හොයනවා!

ආණ්ඩුව සයිටම් ,ගංවතුර,ව්‍යවස්ථාව වැනි ගැටළු දිගින් දිගටම අදිමින් කාලය මරන බවත් අවුරුදු පහ ගෙවාගන්න විදියක් හොයනවා සොයමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනෙකු අද(28) දිනයේ දී කොළඹ මහාධිකරණයේ ඇප හිමි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

තම ආණ්ඩු කාලයේ සිදුවු ඇතැම් සිදුවීම් රාජ්‍ය සේවකයින් කිහිප දෙනෙකුගේ හා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ අත්තනෝමතික ක්‍රියා කලාපයන් නිසා සිදු වු බව ද නාමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් පැවසීය.

ළමයෙක් වුවත් ඇහුම්කන් නොදීම නිසා මුරණ්ඩු වන බවත් විශ්වවිද්‍යාල සිසුන්ද එලෙස හැසිරෙන්නේ ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබීම නිසා වන අතර ආණ්ඩුව වසර 5ක ධූර කාලය නිම වන තුරු මෙලෙස ගැටළු මඟහරිමින් සිටින බවට ද රාජපක්ෂ මහතා චෝදනා කර සිටියේය.

විශ්වවිද්‍යාල සිසුන් විසින්ම ඔවුන්ගේ කැමැත්තෙන් පත් කර ගන්නා ලද වත්මන් ආණ්ඩුව මෙලෙස හැසීරීම අද වන විට ඇති ගැටළුව බව ද ඔහු තව දුරටත් ප්‍රකාශ කළේය.

(Visited 16 times, 1 visits today)

කාටූන්

ජයාරූප