ආණ්ඩුව දැන් අසරණ තත්ත්වයට පත්ව පූජනීය වස්තු විකුණමින් එවායින් මිල මුදල් ලබා ගනිමින් සිටිනවා!

මෙරට කිසිදු පාලකයෙක් නොකළ ආකාරයෙන් අද වන විට දඹුලු විහාරය ඇතුළු පූජනීය ස්ථානයන්ගෙන් ආණ්ඩුව බදු අය කර ගනිමින් බෞද්ධයාගේ පිං කැටය පවා විකුණමින් සිටින බව දේශ විමුක්ති ජනතා පක්ෂයේ උප සභාපති පූජ්‍ය ගලගම ධම්ම රන්සි හිමියන් පවසයි.
අද(26) පැවති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.
ආණ්ඩුව අද වන විට අසරණ තත්ත්වයට පත්ව පූජනීය වස්තු විකුණමින් එවායින් මිල මුදල් ලබා ගනිමින් සිටින බවත් මෙම ක්‍රියාවලිය තරයේ හෙළා දකින බවත් උන්වහන්සේ වැඩි දුරටත් පැවසීය.
රජයට වෙහෙර විහාර නඩත්තු කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් නොමැති බවත් අවශ්‍ය මුදල් වෙන් නොකර ඒ සඳහා පූජනීය ස්ථානවල ඇති අරමුදල් ලබා ගන්නා බවත් මෙතෙක් වෙහෙර විහාර සංවර්ධනය කර පවත්වාගෙන යෑමට එම ස්ථානවල අරමුදල් ක්‍රියාත්මක වු අතර වර්තමානයේ එයට ගැටළුවක් වී ඇති බව පූජ්‍ය ගලගම ධම්ම රන්සි හිමියන් මෙහිදී කියා සිටියේය.
කෙසේ වෙතත් දඹුලු විහාරය පමණක් නොව දෙස් විදෙස් ආධාර හිමිවන දළදා මාළිගාව ඇතුළු බොහෝ ස්ථානයන් සංවර්ධන කටයුතු එම විහාරයන් විසින්ම සිදුවන නමුත් එසේ නොවන අවස්ථාවලදී එය විධිමත් කිරීමට රජය කඩිනමින් ක්‍රියා කළ යුතු බවද උන්වහන්සේ පැවසීය.
(Visited 33 times, 1 visits today)

කාටූන්

ජයාරූප