ආණ්ඩුව මැතිවරණ උණුසුමේ රැකියා 3000ක් දෙන්න සැරසෙයි!

ආණ්ඩුව මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කොළඹ වරාය තුළ රැකියා 3000ක් ලබාදීම සඳහා සම්මුඛ පරික්ෂණ පවත්වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි.
හම්බන්තොට ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ හම්බන්තොට වරායේ සේවකයින් 438 දෙනෙකු ඉවත් කිරිමට ද වරාය අධිකාරිය කටයුතු කර ඇති බවයි.
මේ වන විට රටේ කම්කරු නීතිය කඩා දමා ඇති බවත් කම්කරු අමාත්‍යාංශයේ කොමසාරිස් පත් කර සිටියදී ඔහුගේ නියෝග නොතකා වරාය අධිකාරියේ සේවකයින් ගෙදර යවා ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.
මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති විටත් රැකියා ලබා දෙන බව පවසමින් මැතිවරණ නීතිය උල්ලංඝනය කරන අතරම එය කම්කරු නීතියද උල්ලංඝනය කරන බව රාජපක්ෂ මහතා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා මැදිහත් විය යුතු බව ද පැවසු නාමල් රාජපක්ෂ මහතා අද වන විට ආණ්ඩුව ජනතාවට විවිධ දේ ඉදිරිපත් කරමින් බලහත්කාරයෙන් හෝ මැතිවරණය ජයග්‍රහණය කිරීමට උත්සහ ගන්නා බව ද පැවසීය.
මේ අතර ස්වාධීන වරාය සංගමයේ සභාපති ලාල් බංගමුවගේ මහතා ප්‍රකාශ කළේ හම්බන්තොට වරාය සේවක පිරිසකට රැකියා අහිමිවිම සම්බන්ධ වගකීම හිටපු ජනාධිපතිවරයා භාරගත යුතු බවයි.

(Visited 6 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප