ආණ්ඩුව ව්‍යවස්ථාවේ පවතින සත්‍ය අසත්‍ය තත්ත්වය රටට හංගනවා !

නව  ව්‍යවස්ථාව සම්මත කරගැනීම සඳහා රජය විවිධ උපක්‍රම ක්‍රියාත්මක කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබා නොදීමට සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවයි.
එමෙන්ම ආණ්ඩුව යෝජිත ව්‍යවස්ථාවේ පවතින සත්‍ය අසත්‍ය තත්ත්වය රටට නොපෙන්වමින් විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවද ඒ මහතා පවසයි.
පසුගියදා හම්බන්තොට පැවති උද්ඝෝෂණය අතරවාරයේ අත්අඩංගුවට ගෙන අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් බැලීම සඳහා ගොස් යළි පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
(Visited 8 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප