ඇත්තු බුරුතු පිටින් මරද්දී නොදැක්කා සේ සිටින ජනපති සහ අගමැති

ශ්‍රී ලංකාව තුල නොනවත්වා ඇත් සංහාරයක් සිදුවෙමින් පැවතියත් ජනපති ප්‍රමුක සියලු වගකිවයුත්තන්  නිද්‍රශීලිව කටයුතු කරන ආකාරයක් පෙනෙන්ට තිබේ.

මාධ්‍ය මගින් මසකට වරක් ඇතෙකු ඝාතනය කර ඇති පුවතක් දැනගන්නට තරම් රටේ ජනතාව පවු කර තිබේ.

සත්ව සංවිධාන පමණක් මේ ගැන හඩ නැගුවත් ජනපති , අගමැති ප්‍රමුක සියලු බලධරයන් නිද්‍රශීලිව කටයුතු කරන ආකාරයක් පෙනේ. අඩුම ගණනින් ඔවුන් මේ විනාශය සම්බන්දව විශේෂ ප්‍රකාශයක් වත් කරනු නොපෙනේ.

අගමැති බැදුම්කරයෙන් තමාවත් තම  පක්ෂය බේරාගන්නේ කෙසේදැයි බලනවා හැර ඇත්තු බේරා ගැනීම ගැන හිතන්නට කාලයක් නැතිව ඇති සේම ජනපතිට මහින්ද රාජපක්ෂගෙන් තම පක්ෂය බේරා ගැනීමේ බියෙන් මිදෙන්නේ කෙසේදැයි සිතනවා හැර වෙනත් ප්‍රමුකතා නොමැති සේය.

පසුගිය සතියේ අපිට අසන්නට ලැබුනේ තවත් විශේෂ ඇතෙකුගේ නික්ම යාමකි. ඒ කල්ලාරු ඇතාගේය.

නමුත් මේ සතිය අපිට ආරම්බ කරන්නට වන්නේ මේඝ නමැති තවත් වටිනා ඇතෙකුගේ අතුරුදහන් වීමකි.

මෙම මේඝ නැමැති ඇතා කල්ලාරු ඇතාටත් වඩා විශාල දළ යුගලක් හිමි බවයි දැනගන්නට තිබෙන්නේ.

මෙම මේඝ නමැති හස්තිය ඇතුළුව තවත් ඇතුන් 2 දෙනෙකු අතුරුදහන්ව ඇති බව පරිසර සංවිධාන පෙන්වා දෙති.

මෙම ඇතාගේ වාස භුමිය වුයේ විල්පත්තු වනාන්තරය වන අතර මෙම විල්පත්තු වනයට මුස්ලිම් ඇමතිවරයෙකුගේ

මැදිහත් වීමෙන් කරන වන විනාශය මාධ්‍ය මගින් දින පතා හෙළිදරවු කලත් බලධාරීන් මුස්ලිම් චන්ද වලට පෙරේත

කමට මෙය නොදැක්කා සේ සිටි.

(Visited 6 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප