ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවට පාපන්දු ලෝක කුසලානය රැගෙන එයි!!!

 

 

2018 පාපන්දු ලෝක කුසලානයේ ශූරයින්ට පිරිනැමෙන කුසලානය ඊයේ මෙරටට රැගෙන අවා. මෙලෙස පාපන්දු ලෝක කුසලානයක් ශ්‍රී ලංකාවට රැගෙන ආවේ ඉතිහාසයේ පළමු වරටයි

2018 පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය එළඹෙන ජූනි 14 වැනිදා රුසියාවේදී ආරම්භ වීමට නියමිතයි. ඊට සමඟාමීව පාපන්දු ලෝක ශූරයින්ට පිරිනමන ඉහලම ගෞරවය වන ලෝක කුසලානය ලොව වටා රැගෙන යාමේ චාරිකාව ඇරඹුණේ පසුගිය මස 22 වෙනිදායි. මෙම චාරිකාවේදී ලෝක කුසලානය ලොව පුරා මහද්වීප හයක් ඔස්සේ රටවල් 52 ක මහජන ප්‍රදර්ශනය සඳහා රැගෙන යාමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පියවර ගෙන තීබෙනවා.

ශ්‍රී ලංකාවට අමතරව මෙම ලෝක කුසලානය ආසියාව තුල රැගෙන යාමට නියමිතව ඇත්තේ පකිස්ථානයට සහ මාලදිවයිනට පමණක් ම බවත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පවසනවා. ඒ අනුව ඊයේ දිනයේදී කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ආ අතර එය නිල වශයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට භාර දීම සිදු වුණා.

අද දිනයේදී පාපන්දු ලෝක කුසලානය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වෙත රැගෙන ආ අතර මහජන ප්‍රදර්ශනයට ද විවෘත්ත වෙනවා.

 

(Visited 7 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප