ඉතිහාසයේ වූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තාවේ..රෝහල් ඉඩ පහසුකම් මදිවේ!

<div class=”lts-txt2″>රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබූ අයි.ඩී.එච්. ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අංගොඩ උණ රෝහලට යළිත් රෝගීන් ඇතුළත් කර ගැනීමේ කටයුතු අද (15) පෙරවරුවේ සිට ආරම්භ කර ඇත.

ඩෙංගු රෝගීන් විශාල වශයෙන් එම රෝහලට ඇතුළත්වීමත් සමඟ එහි ඇඳන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නිසා ඊයේ (14) මෙලෙස රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවීමටයි බලධාරින් පියවර ගත්තේය.

එසේම, බස්නාහිර පළාත් සභාව යටතේ ක්‍රියාත්මක තලංගම, පිළියන්දල සහ වෑතර යන ප්‍රාදේශීය රෝහල්, ජාතික බෝවන රෝග විද්‍යායතනයට සහ කළුබෝවිල ශික්ෂණ රෝහලට තාවකාලිකව අනුබද්ධ කිරීමට ද පියවර ගෙන ඇත

මේ අතර, කළුබෝවිල, හෝමාගම, මීගමුව, රාගම ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් රැසකද ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් ඇතුළත් වී ඇති බව සඳහන් වේ .

දැනට වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 62,857 ක් වාර්තා වී ඇති අතර, එය ඉතිහාසයේ වාර්තා වී ඇති වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවයි.ඩෙංගු රෝගය වළක්වා ගැනීම සඳහා සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් අංගොඩ උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැහැදිලි කරමින් කියා සිටියේ නිවෙස්වල මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කිරීමට නිවැසියන් පියවර ගත යුතු බවයි.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කියා සිටියේ මෙම තත්ත්වය පාලනය කිරීමට කඩිනමින් පියවර නොගතහතොත් මේ වසර අවසානයේදී ඩෙංගු රෝගීන් ලක්ෂ දෙකත්, තුනත් අතර සංඛ්‍යාවක් වාර්තා විය හැකි බවයි.

(Visited 22 times, 1 visits today)

කාටූන්

ජයාරූප