ඉදිරියේදී බෙදීම් වැඩි වේවි. හිටපු ජනපති ප්‍රකාශ කරයි.

කොලබ ගුණසිංහපුර  පුර්වාරාම විහාරස්ථානයේ ආගමික උත්සවයකට සහබාගී වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ

 

“ආණ්ඩු විරෝධී කියන කණ්ඩායමත් ආණ්ඩු පක්ෂ කණ්ඩායමත් අතර පැහැදිලි බෙදීමක් තියෙනවා. මම හිතන ඉදිරියේදී ඒක තවත් වර්ධනය වෙයි. සමහරු යනවා . සමහරු එනවා . දේසපාලන කරන මාරු උනාට ජනතාව එහෙම නැහැනේ. යම් යම් දේවල් බලාපොරොත්තු වෙලා නොලැබුණාම යනවා. ඒක නවත්තන්න බැහැනේ.

ඒ කොහොම ගියත් ඒ අය ආණ්ඩු විරෝධීව ඉදී. මොකද මම අහගෙන හිටිය ගියපු එක්කෙනෙක් කියන මම ආණ්ඩු විරෝධී කියල.

රටේ ප්‍රශ්න තියෙනවා ගොඩක්.ජීවන වියදම වැඩි වෙලා. රට බෙදන්න හදනවා . එක්සේසත් කරපු රට. මත්ද්‍රව්‍ය වැඩි වෙලා . අල්ලනවා කියනවා අල්ලන ඒවාට මොනවා උනාද දන්නේ නැහැ. අනිත් පැත්තෙන් වෙළද පොලට ගියද දන්නේ නැහැ. එහෙම තත්වයක් රටේ තියෙන්නේ. මහා බයානක තත්වයක්.”

(Visited 7 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප