ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තරවටුවක්.

ශ්‍රී ලංකාව  කලාපයේ ආරක්ෂාව සහ සංවේදීතාවයන් ගැන අවදානයෙන් කටුතු කල යුතු බව ඉන්දියාව පවසනවා.
ඉන්දීය විදේස කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක රවීෂ් කුමාර් නවදිල්ලි නුවරදී මේ බව සදහන් කලේ ශ්‍රී ලංකාව හම්බන්තොට වරයා චීනයට දීම සම්බන්දයෙන් මාධ්‍යවේදියෙක් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

ඉන්දීය මාධ්‍ය හදුන්වන්නේ ඉන්දීය සාගරයට මුහුණලා පිහිටි හම්බන්තොට වරාය චීනය සහ යුරෝපය යා කෙරෙන නව සේද මාවතේ වැදගත් සංදිස්ථානයක් ලෙසයි.එවන් තත්ත්වක් තුල හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීම සම්බන්දව ඉන්දියාවේ ස්ථාවරය කුමක්දැයි මාධ්යවේදිකු විමසීය.

එයට පිළිතුරු ලෙස ඉන්දීය විදේස කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයා සදහන් කලේ

“හම්බන්තොට සම්බන්දව අපිට පැහැදිලි විශ්වාසයක් තියෙනවා ඒ මොකද ශ්‍රී ලංකාව සමග තිබෙන ශක්තිමත් බැදීම නිසා. මොකද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇත්තේ මුල් බැසගත් සබදතාවක්.
කෙසේ වෙතත් අපි ශ්‍රී ලංකාව සමග ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්දව බලපාන කරුණු ගැන සාකච්චා කරනවා.ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාව කලාපයේ ආරක්ෂාව සහ සංවේදීතාවයන් ගැන අවදානයෙන් කටුතු කරයි කියල.”

(Visited 6 times, 1 visits today)

කාටූන්

ජයාරූප