ඉන්දීය අගමැති දික්ඔය රෝහල විවෘත කරයි.

ඉන්දීය රජයේ පරිත්‍යාගයකට අනුව රුපියල් මිලියන 1200ක වියදමින් ඉදිකළ හැටන් දික්ඔය මූලික රෝහල ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා අතින් විවෘත කර තිබේ.මෙම රෝහලේ නව වාට්ටු සංකීර්ණය ඇදන් 150කින් සමන්විත බව වාර්තා වේ .
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා විසින් මෙම නව ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට පත් කර තිබේ.

පසුව හැටන් නෝර්වුඩ් ක්‍රීඩාංගණයේ පැවැති ජනහමුවට නරේන්ද්‍ර මෝඩි මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස එක්ව සිටි බව වාර්තා වේ.

(Visited 20 times, 1 visits today)

කාටූන්

ජයාරූප