ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයාමේ අවදානමක!

ඉන්දුනීසියාවේ බාලි දූපතෙහි පිහිටි අගුන් ගිනි කන්ද විධාරණය වීම හමුවේ බාලි ගුවන්තොටුපොළ දෙවැනි දිනටත් වසා දමා තිබෙනවා.

ගිනි කන්ද විධාරණය වීමත් සමඟ ඇති වූ අවදානම් තත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවට හා නවසීලන්තයට යාමට නියමිත ඇතැම් ගුවන් ගමන්ද මේ වන විට අවලංගු කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා. ගිනිකන්ද වටා කිලෝමීටර් 8-10KMඅතර වපසරියක් අන්තරාදායක කලාපයක් ලෙස නම් කිරීමට ඉන්දුනීසියානු බලධාරීන් පියවර ගත්හ. ඒ සමඟින් බලධාරීන් නිවේදනය කලේ ඒ අවට ප්‍රදේශයේ සිටින පිරිස් කඩිනමින් ඉවත් කල යුතු බවය.ඉවත් නොවන පිරිස් බලය යොදා ඉවත් කිරීමට ඉන්දුනීසියානු බලධාරීන්ට සිදුවී තිබෙනවා. අගුන් ගිනි කන්ද විධාරණය වීම ආරම්භ වූයේ පසුගිය සැප්තැම්බර් මාසයේය. පසුගිය සතියේ සිට ගිනිකන්දෙන් පිටවන අඳුරු ඝන දුමාරය සහ අළු කන්ද මුදුනේ සිට 3400M ඉහලට මුදාහැරෙන බව වාර්තා වෙනවා. මේ අතර ඉන්දුනීසියාවේ සිටින ඕස්ට්‍රේලියානු සහ බ්‍රිතාන්‍ය සංචාරකයන්ට අවධානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

(Visited 8 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප