ඉරාන-ඉරාක දේශසීමා භූකම්පනයෙන් 400ක් මියයයි තවත් 7000ට තුවාලයි

ඉරාන – ඉරාක දේශසීමා ආසන්නයේ ඇති වු භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 400 දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළයා හැකි බවයි.

භූ කම්පනයෙන් පුද්ගලයින් 7000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය‍.

ඉරාන ඉරාක දේශසීමාවේ හලබ්ජා නගරයේ නිරිතදිග ප්‍රදේශයේ සැතපුම් 21ක් පමණ පොළොව අභ්‍යන්තරයේ හටගත් මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වූයේ රිච්ටර් පරිමාණ ඒකක 7.3ක් ලෙස බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

භූ චලනයේ අපි කේන්ද්‍රය පිහිටා තිබෙන්නේ ඉරාකයට ඉතාම ආසන්නව බව සඳහන්ය.

එනම් එය පිහිටා තිබෙන්නේ ඉරාකයේ ජනාකීර්ණ හලබ්ජා නගරයට කිලෝමීටර් 19ක් නුදුරිනි.

කෙසේ වෙතත් භූ කම්පනයෙන් වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන්නේ ඉරානයට බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් ඉරානයේ අවම වශයෙන් පුද්ගලයින් 130 දෙනෙකුවත් මියගොස් ඇති බව එරට බලධාරීන් පවසයි.

මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාකයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව පිළිබඳව තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැත.

භූ කම්පනයත් සමඟ කඩා වැටුණු ගොඩනැගිලි තුළ තවත් විශාල පිරිසක් සිරව සිටින බවටද විශ්වාස කෙරෙයි.

මේ අතර සහන සේවකයින් රැසකගේ සහභාගීත්වයෙන් දැඩි අසීරුතා මධ්‍යයේ මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Image result for iran-iraq earthquake

Image result for iran-iraq earthquake

(Visited 2 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප