ඉහළ අධිකරණයට අභියාචනා කරන බැවින් එකී තීන්දුව ලැබෙනතුරු මන්ත්‍රී ධූරය අහෝසි කරන්න බැහැ -ගීතා

මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කිරීමට තමනට සුදුසුකම් නැති බවට අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුවට එරෙහිව තමන් අද දිනයේම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ සදහන් කරයි.

තමනට සාධාරණයක් අපේක්‍ෂා කිරීමට එම අවස්ථාව ඉතිරි වී ඇතියිද කී ඇය ශ්‍රෙෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් තමාගේ මන්ත්‍රී ධූරය අහෝසි කල නොහැකි යයිද පවසයි.

දකුණු පළාතේම එකම කාන්තා නියෝජිතවරිය වන තමන් සලකන්නේ මෙය ජනතා පරමාධිපත්‍යයට එල්ල වූ දැවැන්ත පහරක් ලෙස යයිද පවසන ඇය මෙයින් බලවත් අසාධාරණයකට මුහුණ දීමට සිදුව ඇත්තේ ඡන්ද දායකයින්ට බවද කියයි.

(Visited 25 times, 1 visits today)

කාටූන්

ජයාරූප