ඊසානදිග මෝසම ක්‍රියාත්මකයි..ගිගුරුම් සහිත තද වැසි !

ඉදිරි දින කිහිපය තුළ දිවයින හරහා ඊසානදිග මෝසම ස්ථාපිත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
බස්නාහිර, සබරගමුව සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර් 75ට වැඩි තද වැසි අපේක්ෂා කරයි.
එමෙන්ම උතුර, උතුරුමැද සහ මධ්‍යම පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 50 ඉක්ම වූ තද සුළං තත්ත්වයක් ද මේ හේතුවෙන් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
(Visited 4 times, 1 visits today)

කාටූන්

ජයාරූප