උතුරේ ඒඩ්ස් වවයි!!!

ලංකාවේ උතුරු ප්‍රදේශයේ මේ වන විට ඉතාමත් ශීග්‍රයෙන් ඒඩ්ස් රෝගය පැතිරයන බව යාපනය ශීක්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත බටගල්ල මහතා පවසයි.
ජාත්‍යන්තර ඒඩ්ස් දිනයට සමගාමීව අද (30) යාපනයේ පා ගමනක් සංවිධානය කොට ඒඩ්ස් රෝගය පිළිබද ජනතාව දැණුවත් කරන බව හෙතෙම පැවසීය.

මේ වසර තුළ උතුරු පළාතෙන් ඒඩ්ස් රෝගීන් 8 දෙනෙකු හමු වී ඇති බවත් දැනට උතුරු පළත තුළ ඒඩ්ස් රෝගීන් 50 කට වැඩි සංඛ්‍යාවක් සිටින බවත් සදහන් කළ විශේෂඥ වෛද්‍යවරයා ඔවුන්ගෙන් 36 දෙනෙකු යාපනය ශීක්ෂණ රෝහලේ සායන සදහා පැමිණෙන බවද පැවසීය.

ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගීන් පිළිබදව සලකා බලන විට 2015 වර්ෂයේදී රෝගීන් සංඛ්‍යාව 239 ක් වුවත් 2016 දී එම සංඛ්‍යාව 249 ක් දක්වා වැඩිවී ඇතැයි ඔහු පැවැසීය.

මෙසේ රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීම කෙරෙහි හේතූන් දෙකක් ප්‍රධාන වශයෙන් බලපාන බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

රෝගය වැළදී රෝග ලක්ෂණ පහළවීමට වසර පහක පමණ කාලයක් ගතවන බැවින් ඒ කාලය තුළ රෝගීන් ඒඩ්ස් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම් නොකිරීමත් ඒඩ්ස් රෝගය වැළදුණු පසුව සමාජයෙන් රෝගීන් කොන් කිරීම නිසා ඔවුන් රෝගය වසන් කිරීමට කටයුතු කිරීමත් ඒඩ්ස් රෝගීන් වැඩි වීමට හේතුවක් බව විශේෂඥ වෛද්‍යවරයා සදහන් කළේය.

මේ හේතුව නිසා ඒඩ්ස් රෝගය පිළිබදව ජනතාව දැණුවත් කිරීමත් නිරන්තරයෙන්ම ඒඩ්ස් රෝගය සම්බන්ධයෙන් පුද්ගලයින් පරීක්ෂණ වලට භාජනය කිරීමත් සිදුකරණ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

(Visited 7 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප