උතුරේ සිදුවිය හැකි ආපදාවෙන් බේරීමට පෙර සුදානම් වන්න!

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වැඩිම හානියක් සිදුවෙතැයි අපේක්ෂා කරණ කිලිනොච්චිය පළාත තුළ ආපදාවන්ට මුහුණ දිය හැකි අන්දම පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමට හදිසි රැස්වීමක්  කිලිනොච්චිය දිසාපති කාර්යාලයේදී පැවැත්විණි.
කිලිනොච්චිය දිසාපති සුන්දරම් අරුමේනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සාකච්ඡාවට පළාතේ යුද හමුදා ප්‍රධානීන්,පොලිස් ප්‍රධානීන්,කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හා ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහභාගී වූහ.
යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඉන් ජනතාව ආරක්ෂා කරගැනීමට ගත හකි සෑම පියවරක් පිළිබඳවම මෙහිදී සාකච්ඡා කොට ඇති අතර ආපදා සහගත ත්ත්ත්වයන් පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීම සඳහා කිලිනොච්චියේ වැසියන් වෙත හදිසි දුරකථන අංක දෙකක්ද ලබා දී තිබේ.
කිලිනොච්චියේ සියලුම ජනතාව මේ වන විට මෙම ආපදා සහගත තත්ත්වය සම්බන්ධයෙන් දැණුවත් කොට ඇති අතර  ඕනෑම හදිසි අවස්ථාවක 021-2285330 හා 0772320528 යන දුරකථන අංක වලට අමතන ලෙසද දැණුම්දී තිබේ.
ජනතාව හදිසියේ යම් පීඩාවකට පත් වුවහොත් ඔවුන්ව බේරා ගැනීමට නාවික හමුදාවේ යාත්‍රා හා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා වුවද යොදා ගැනීමට හැකි වැඩපිළිවෙළක් කිලිනොච්චිය සාකච්ඡාවේදී සකස් කොට ඇත.
අධික සුළං සහිත තත්ත්වයක් සමඟ වර්ෂාවක් මේ පළාත්වලට බලාපොරොත්තු විය හැකි බැවින් ධීවරයින් හා මුහුදු බඩ පළාත්වල ජීවත් වන පිරිසට දැඩි අවධානයෙන් යුතුව ජීවත් වන ලෙසටද මේ වන විට උපදෙස් ලබා දී තිබේ.
මේ අතර තුර පොලීසිය විසින් වවුනියාවේ ප්‍රදේශ කීපයක වැසියන්ට ශබ්දවාහිනී යන්ත්‍ර ආධාරයෙන් මෙම අයහපත් කාලගුණික තත්ත්වය පිළිබදව පූර්ව දැණුම් දීමක් සිදු කොට තිබේ.
(Visited 6 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප