එජාපය ප්‍රමුඛ නව රජයේ අනාවරණය වූ මහා පරිමාණ වංචාව බැඳුම්කර ගැටලුවයි- ද හින්දු වෙබ් අඩවිය

බැඳුම්කර ගණුදෙනු ගැටලුවට අදාළ ජනාධිපති කොමිසම ඉදිරිපත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් ඊයේ (03) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකළ විශේෂ ප්‍රකාශයෙන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යවලද දැඩි අවධානයක් යොමු වී ඇති බව වාර්තා වේ.

ද හින්දු වෙබ් අඩවිය මෙම බැඳුම්කර ගණුදෙනු ගැටලුව සම්බන්ධව වාර්තා කර තිබුනේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව රජයේ අනාවරණය වූ මහා පරිමාණ වංචාව මෙය ලෙසයි.

ඊට වගකිව යුතු පාර්ශවය වන්නේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බවද එහි දක්වා තිබුණි.

දූර්දර්ශන් පුවත්පත දක්වා තිබුනේ බැඳුම්කර වංචාව මගින් නව රජයේ දූෂණ විරෝධී ගමන ආපස්සට ඇද දැමීමක් බවයි.

මෙයට අමතරව ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය සහ ෆොක්ස් නිවුස් වෙබ් අඩවියද මේ පිළිබඳව වාර්තා පළ කර තිබුණි..

(Visited 5 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප