එස් .ඩබ්ලිව් .ආර් .ඩී බණ්ඩාරනායක මහතාගේ 119 වැනි ජන්ම දිනසැමරුම අද

එස් .ඩබ්ලිව් .ආර් .ඩී බණ්ඩාරනායක මහතාගේ 119 වැනි ජන්ම දිනසැමරුම අද (08) දිනට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර පුද කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයේනී. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය සහ ඇයගේ සොහොයුරිය වන සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මියද මේ අවස්ථාවට සහභාගී වුණා.

 

මේ ඒ ගුණගරුක වූත්, ශ්‍රේෂ්ඨ වූත්, නිහතමානී වූත්, දැවැන්තයා පිළිබඳව කෙටි සටහනකී……………..

 

“1899 වසරේ අද වැනි දිනක (08 )  උපත ලැබූ සොලමන් වෙස්ට් රිච්වේ ඩයස් බණ්ඩාරනායක මහතා 1926 වසරේදී දේශපාලන දිවියට පිවිසෙන්නේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකු ලෙසයි .නමුත්  එතුමා 1951 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කර සඟ වෙද ගුරු ගොවි කම්කරු යන පංච මහා බලවේගය ඒකරාශී කල අතර ලංකාවේ සිවුවැනි අග්‍රාමාත්‍යවරයා ලෙසද තෙරීපත්වුවා .ප්‍රවාහන ,රක්ෂණ හා සෞඛ්‍ය යන සේවා ජනසතු කිරීමේ ගෞරවය ද හිමිවන්නේ ඒ මහතාටයි . සිරිමාවෝ රත්වත්තේ ඩයස් මැතිනිය සමඟ ඔහු  විවාහ දිවියට එළඹෙන අතර සුනේත්‍රා , චන්ද්‍රිකා සහ අනුර බණ්ඩාරනායක එතුමාගේ දරුවන් තිදෙනයි . 1959 වසරේ සැප්තැම්බර් මස 26 දින පෙරවරුවේ  රෝස්මින්ට පෙදෙසේ තම නිවසේ සිටියදී බණ්ඩාරනායක මහතාට වෙඩි ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවුණා .තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු ඒ මහතා අභාවප්ප්‍රාප්ත වුයේ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පෙරලියක් ඇති කල නායකයෙකු ලෙස තම නාමය රන් අකුරෙන් ලියා තබමිනි” .

(Visited 9 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප