එ.ජා.ප ය රටේ ආර්ථිකේ විනාශ කල බව ජනපති පිළිගනී.

මේ වසරේ සිට තමා ආර්ථිකය හැසිරවීමට කටයුතු කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පසුගිය වසර තුන තුළදී එක්සත් ජාතික පක්ෂය ආර්ථික හැසිරවූ බවත් ජනතාවට බරපතල ආර්ථික ප්‍රශ්න ඇති බවත් ඔහු පැවැසීය.

කෑගල්ලේදී පැවැති ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව ඊයේ (20දා) ප්‍රකාශ කළේය.

“මම අවුරුදු තුනක් එක්සත් ජාතික පක්ෂයේ අයට අවශ්‍ය විදිහට ආර්ථික කළමනාකරණයට ඉඩ දුන්නා. නමුත් තමුන්නාන්සේලා දන්නවා අද බරපතල ආර්ථික ප්‍රශ්න ජනතාවට තිබෙනවා. ඒ නිසා මීට මාස තුනකට කලින් රටේ ආර්ථික කළමනාකරණය සඳහා මගේ නායකත්වයෙන් ජාතික ආර්ථක සභාවක් පිහිටෙව්වා. මම මේ වසරේ සිට ජාතික ආර්ථික සභාව හරහා මේ රටේ ආර්ථිකය හැසිරවීම මා විසින් නායකත්වය ගන්නවා.

ජනතාවගේ ජීවන බර අඩුකිරීමට දේශීය කර්මාන්ත, දේශීය නිශ්පාදකයින්ට මේ රටේ ආයෝජකයින්ට ඒ සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා පිටරට යන්න එපා අපි ඔබව ආරක්ෂා කරනවා.

මහ බැංකු බැඳුම්කරයේ වග උත්තරකාරයෝ ඔක්කොම දැන් කියනවා දන්නේ නෑ.  දැක්කේ නෑ. එහෙම දෙයක් වුණේ නෑ . අපි ගත්තේ නෑ. අපි සම්බන්ධයක් නෑ. කොමිෂන් සභා වාර්තාව බොහොම පැහැදිලිව කියලා තියෙනවා කවුද අරන් තියෙන්නේ කවුද වගඋත්තරකාරයෝ කියලා. ඒ අයට දඬුවම් දෙන්න මම කිසිසේත්ම පසු බට වෙන්නේ නෑ.

(Visited 3 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප