‘ඔබාමා කෙයාර්’ වැඩසටහනට එරෙහි ට්‍රම්ප්ගේ යෝජනාව පරාදවෙයි

මීළඟට තම අවධානය බදු සංශෝධන වෙත යොමුකරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

‘ඔබාමා කෙයාර්’ නමින් ප්‍රසිද්ධියට පත් හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ සෞඛ්‍ය සහන සේවා වැඩසටහන නවතා දැමීමට ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පසුව මෙසේ බදු සංශෝධන වෙත යොමුවීමට ඇමරිකානු ජනාධිපතිවරයා තීරණය කර ඇති බව පෙනීයයි.

ජනාධිපතිවරණ ප්‍රචාරක රැළි වලදී ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ තමා බලයට පැමිණි පසු ‘ඔබාමා කෙයාර්’ වැඩසටහන නවතා දමන බවය.

නමුත් පසුගිය සිකුරාදා ඒ සඳහා වූ යෝජනාව කොංග්‍රස් මණ්ඩලයේදී පරාජයට පත්වූයේ ජනාධිපති ට්‍රම්ප්ගේම පක්‍ෂය වන රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයන්ගේ ඡන්දය නොලැබී යාම හේතුවෙනි.

කෙසේවුවද බ්‍රසල්ස් නුවර සංචාරයක යෙදී සිටින අතරතුර මාධ්‍යයට අදහස් දැක්වූ රිපබ්ලිකන් පක්ෂ සෙනෙට් සභික ජෝන් මැකේන් පැවසුවේ ‘ඔබාමා කෙයාර්’ වැඩසටහන බිඳවැටෙමින් පවතින අතර ඇමරිකානු ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානය කළ යුතුව ඇති බවය.

(Visited 10 times, 1 visits today)

කාටූන්

ජයාරූප