කන පැලෙන්න ගැසූ ASP එළියේ -ජාතික සම්පත් බේරාගන්න උද්ගෝෂණය කල අය ඇතුලේ!

එළඹෙන ජනමත විචාරණයට පෙර විපක්ෂයේ සියලු දෙනා බන්ධනාගාර ගත කර භික්ෂූන් වහන්සේලාට ආණ්ඩුව පිළිබඳ විවේචනයන් සිදු කිරීමට අවස්ථාව අහිමි කිරීම, ආණ්ඩුවේ උවමනාව බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
අද(11) ගම්මන්පිල මහතා ඇතුළු එම පක්ෂයේ මධ්‍යම කාරකසභිකයන් සහ කොළඹ දිසා සංවිධායකවරුන් පිරිසක් කොළඹ 7 දොස්තර හඩ්සන්ද සිල්වා අක්ෂිදාන මූලස්ථානයේදී ඇස් සහ සිරුරේ කොටස් දන්දීමේ පොරොන්දු පත්වලට අත්සන් තැබීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් හම්බන්තොට සිද්ධිය සම්බන්ධයෙන් නාමල් මන්ත්‍රීතුමන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
මෙලෙස සිදුවීම පිළිබඳ අනාවැකි මුල සිටම තමා ප්‍රකාශ කළ බවත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරකම් නතර කිරීමට ආණ්ඩුව ගෙන යන උපක්‍රමයක් ලෙසත් මන්ත්‍රීවරයා මෙහිදි කියා සිටියේය.
එසේ නොවන්නේ නම් කණ පැලෙන්න ප්‍රහාර එල්ල කල ඒඑස්පී මහතා නිදැල්ලේ සිටිනා විට කිසිම හානියක් නොමැතිව උද්ඝෝෂණයේ යෙදුන අය ඇතුළට ගෙන යන්නේ කෙසේ යන්න ගම්මන්පිල මහතා මෙහිදී ප්‍රශ්න කළේය.
එමෙන්ම මහ බැංකුවක් හොරකම් කර එතැනින් නොනැවතී ජත්‍යන්තර බැංකු මංකොල්ලයේ යෙදී සිටින වත්මන් ආණ්ඩුවේ නායකයින් කාටවත්ම වැස්සකටවත් සිරගෙදරට ගොඩවෙන්න සිදුව නොමැති බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.
කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මහතා සිරගත වු හතර වන වතාව මෙය බවත්, තව වතාවල්වල යෑමට සිදුවන බවත්, සිපිරිගෙය නැමැති විශ්ව විද්‍යාලයේ අත්දැකීම් උපාධිය මිටත් වඩා හොඳින් ලබා ගන්න ඔවුන්ට හැකි බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.
(Visited 6 times, 1 visits today)

කාටූන්

ජයාරූප