කරු විශ්වාසය බිඳ දැම්මා.. එය තරයේ හෙළා දකිනවා!

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ප්‍රමුඛතම පුද්ගලයා වශයෙන් කථානායක කරු ජයසූරිය මහතා විශ්වාසය බිඳ දමා ඇති බවත් එය තරයේ හෙළා දකින බවත් මහජන රාජ්‍ය සභාව පවසයි.
අද(26) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි විධායක සභික පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්ද කිත්ති හිමියන් මේ බව පවසා සිටියේය.
කතානායකවරයා දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ සිය පක්ෂපාතීත්වය නිරූපණය කරමින් සිටින බවත් ඒ බව පසුගිය කාලය පුරා සම්මත කර ගනු ලැබු විවිධ අණපනත් තුළින් පෙනී යන බවත් උන් වහන්සේ පැවසීය.
මේ වන විට එම පක්ෂපාතීත්වය අභිබවා අන්තගාමී තත්ත්වයකට පත්ව ඇති අතර පසුගිය කාලවලදී රට වෙනුවෙන් ක්‍රියා කළ අයෙක් වශයෙන් කරු ජයසූරිය මහතාගේ හැසීරීම හෙළා දකිනව බව උන් වහනසේ වැඩි දුරටත් කියා සිටියේය.
අවම වශයෙන් පාර්ලිමේන්තුව තුළ දී රට ගැන සිතා අපක්ෂපාතී ලෙස සිය රාජකාරිය ඉටු කරන ලෙසත් උන් වහන්සේ කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කරයි.
(Visited 7 times, 1 visits today)

කාටූන්

ජයාරූප