කල් දමමින් සිටි විගණන පනතට කැබිනට් අනුමැතිය!

දිගින් දිගටම කල් දැමුණු විගණන පනත් කෙටුම්පතට ඊයේ (10) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතිය හිමිවිය.

විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සරත් අමුණුගම විසින්  මෙම පණත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේය .

මීට පෙර පණත් කෙටුම්පතේ පැවති විගණකාධිපතිවරයාට අර්ධ අධිකරණ බලතල ලබාදීම සහ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයෙකු අධිකරණ කටයුත්තකදී හැර විගණන කටයුතු සම්බන්ධයෙන් ප්‍රශ්ණ කළ හැකි බවට වන යෝජනා සංශෝධනය කර ඊට අනුමැතිය ලබා දී ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න කියා සිටියේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් විගණන සේවා කොමිසම ස්ථාපිත කළ අතර එය බලාත්මක කිරීමට නොහැකිව තිබුණේ විගණන පණත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ අනුමැතිය නොතිබීම හේතුවෙනි.පසුගිය අගෝස්තු මස 04 වනදා කෙටුම්පතට අදාල සංශෝධන සලකා බැලීමට අමාත්‍ය මණ්ඩලය විසින් සාමාජිකයන් 06 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කරනු ලැබූ අතර එහි ප්‍රධානියා ලෙස අමාත්‍ය සරත් අමුණුගම කටයුතු කළහ.

(Visited 4 times, 1 visits today)

කාටූන්

ජයාරූප