කාලෝ -රන්ජන්ව- විජය කුමාරතුංගට සමාන කිරීම ගැන මර්වින්ට කේන්ති යයි!

කාලෝ ෆොන්සේකා වැනි සමාජයේ පිළිගත් සම්මානනීය පුරවැසියෙක් රන්ජන් රාමනායක විජය කුමාරණතුංග චරිතයට සමාන කිරීම කිසිසේත් අනුමත කිරීමට නොහැකි බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවැසීය.

ඊයේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අධිකරණය ඉදිරියේ පෙනී සිටි අවස්ථාවේදී මහාචාර්යය කාලෝ ෆොන්සේකා මාධ්‍යයට දැක් වූ අදහසකට ප්‍රතිචාර දක්වමින් අද දෙරණට විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු අමාත්‍යවරයා මේ අදහස් ඵල කළේය.

තමන්ගේ විජය බෑනා වගේම රන්ජන් බෑණාද එඩිතර, නිර්භීත, මානව හිතවාදියකු බව ඊයේ  කාලෝ ෆොන්සේකා මහතා මාධ්‍ය ඉදිරියේ පැවැසීය.

විජය කුමාරතුංගයන් සමග ඉතා සමීපව ඇසුුරු කළ පුද්ගලයකු ලෙස තමන් හඳුන්වා දෙන මර්වින් සිල්වා මහතා එක්තරා රියැලිටි වැඩ සටහනකදී රන්ජන් රාමනායක තමන්ද විජය කුමාරතුංග වැනි මානව හිතවාදියකු බව පැවැසූ අවස්ථාවේදී ඊට එරෙහි වී රන්ජන් රාමනායක විජය කුමාරතුංගයන් වැනි මානව හිතවාදියකු නොවන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

එවැනි පසුබිමක කාලෝ ෆොන්සේකා මහතා රන්ජන් රාමනායක ගැන ඊයේ කළ ප්‍රකාශයට ප්‍රතිචාරයක් ලෙස මර්වින් සිල්වා මහතා මෙම අදහස් දැක්වීම කළේය.

මෙහිදී විජය කුමාරණතුංගයන්ගේ පරම්පරාව ගැන සඳහන් කළ මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේ විජය කුමාරණතුංග දුටු ගැමුණු, මහා විජය බාහු පරපුරෙන් පැවත එන ප්‍රතාවත් පුද්ගලයකු බවයි.

මර්වින් සිල්වා මහතා විජය කුමාරණතුංග, මහාචාර්යය කාලෝ ‍ෆොන්සේකා හා රන්ජන් රාමනායක පිළිබඳ දැක් වූ සම්පූර්ණ අදහස් අඩංගු විඩියෝව ඉහතින් නරඹන්න.

(Visited 9 times, 1 visits today)

කාටූන්

ජයාරූප