කුරුදුවත්තේ ලංසි පැපොල්වලට වඩා පොළොන්නරුවේ බණ්ඩක්කා හොදයි- විමල්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාට සහය දැක්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ජනිපෙ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පසුගිය දිනවලදී අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා හමුවී ඇති බවත්, පළාත් පාලන මැතිවරණ නාම යෝජනා සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා සහ විමල් වීරවංශ මහතා අතර ඇතිව තිබෙන මත ගැටුම විමල් පාර්ශවයේ දේශපාලන පිම්ම ඉක්මන් කරනු ඇති බවද ආරංචි මාර්ග සදහන් කරයි.

බැදුම්කර කොමිසම පත් කිරීම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රසංශා කළ විමල් වීරවිංශ මහතා, එජාප මන්ත්‍රීවරුන්ගේ චෝදනාවල පිළිතුරු දෙමින් “කුරුදුවත්තේ ලංසි පැපොල්වලට වඩා පොළොන්නරුවේ බණ්ඩක්කා හොදයි“ යැයිද ප්‍රකාශ කළේය.

එමෙන්ම කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් එතුමා කියා සිටියේ දේශපාලන තීන්දු තීරණ ගැනීමේ දී බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවයි.

ඔහු පෙන්වා දෙන්නේ වර්තමානයේ ගනු ලැබු ඇතැම් දේශපාලන තීන්දු හේතුවෙන් ජනතාව බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බවයි

 

(Visited 4 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප