කොල්වින් ගුණරත්න සභාපති කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ විරෝධය!

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත් කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කර තිබේ.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද සදහන් කළේ කොල්වින් ගුණරත්න මහතා සයිටම් ආයතනයට පක්ෂපාතී පුද්ගලයෙකු බවයි.

එවන් පුද්ගලයෙකු ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස පත් කිරීම ගැටළු සහගත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද (3)පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න හමුවීමට නිමිතව ඇත.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සිදුකළ දැනුම්දීමකට අනුව මෙම හමුව සිදුවන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහන් කළේය.

(Visited 7 times, 1 visits today)

කාටූන්

ජයාරූප