කොලිවුඩ් රජු දේශපාලනයට එන බව නිල වශයෙන් කියයි.

 

 

කොලිවුඩ් සිනමාවේ කිරුල හිමි රජිනි කාන්ත් අද සිය ජීවිතයේ වැදගත්ම තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින්  තමන් දේශපාලනයට එක්වෙන බව නිල වසයෙන් ප්‍රකාශ කරා.

තමිල් නාඩුවේ චෙන්නායි නුවර පැවැත්වෙන වාර්ෂික රසික හමුවට එක වෙමින් ඔහු මේ බව නිල වශයෙන් ප්‍රකාශ කලා.මේ වන විට 67 වන වියේ පසුවෙන රජිනි කාන්ත් මීට පෙර දේශපාලනයට පැමිණෙන බව මත පළවුණා.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ජය ලලිතා මහත්මියගේ අභාවයෙන් පසු ඇයගේ පක්ෂයෙන් වන DMK පක්ෂයෙන් රජිනි කාන්ත් දේශපාලනය පිවිසෙනු ඇති බවට මත පළවුණා.එහෙත් රජිනි කාන්ත් අද ප්‍රකාශ කලේ තමන් ඉදිරියේදී නව පක්ෂයක් පිහිටුවන බවයි. රජිනි කාන්ත් දේශපාලනයට පිවිසෙනු බව ප්‍රකාශ කල විට එහි රැස්වී සිටි රසිකයන් ප්‍රීති ඝෝෂා නගමින් නර්තනයේ යෙදෙමින් සදහන් කලේ ඔහුගේ ජයග්‍රහණය නියත බවය.

 

(Visited 14 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප