කොළඹ හදවත වු ඩී.ආර්.විජේවර්ධන මාවත සම්පූර්ණයෙන්ම ඉන්දියානුකරණය කරමින් පවතිනවා-බන්දුල

අද(20) පැවති ඒආර්ථික පර්යේෂණ එක්කයේ මාධ්‍ය හමුවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සහභාගී විය.
එහිදී අදහස් දක්වමින් එතුමා සදහන් කර සිටියේ කොළඹ නගරයේ හදවත වු ඩී.ආර්.විජේවර්ධන මාවත සම්පූර්ණයෙන්ම ඉන්දියානුකරණය කරමින් පවතින බවත් ආණ්ඩුව ප්‍රධාන ප්‍රශ්න එලෙසින්ම තිබිය දී ඉතාම සූක්ෂම ලෙස ජනතාවගේ අවධානය වෙනතකට යොමු කර රාජ්‍ය දේපළ, වත්කම් හා ජාතික සම්පත් විජාතීයකරණය කිරීමට උත්සහ ගන්නා බවත්ය.

ඔහු පවසන්නේ මෙම ප්‍රදේශය ඉඩම් ඉතමත් වටිනාකමින් යුත් ඒවා බැවින් මෙම ප්‍ර දේශයේ පර්චස් එකක ඉඩම් කැබැල්ලක් ලක්ෂ 200 ක වටිනාකමින් ඉන්දියානු සමාගම් සඳහා විකුණා දැමීමට වෙන් කර ඇති බවයි.
සතොසට අයත් අක්කර 3 යි පර්චස් එකක් චෙන්නායි ඉන්දියා නැමති සමාගමට ලබා දෙන බවත් මිශ්‍ර සංවර්ධනයක් සඳහා තට්ටු 75 කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් එහි සෑදීමට නියමිතව ඇති අතර එහි වටිනාකමක් මෙතෙක් දක්වා නොමැති අතර ඒ සඳහා ව්‍යාපෘති වටිනාකම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 857 ක් දක්වා ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ජාතිය සතු වටිනාම සම්පත් මෙලෙස විජාතීයකරණයට විරුද්ධව අද කිසිවෙක් කතා නොකරන බවත් බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් ඩී.ආර්.විජේවර්ධන මාවත ප්‍රවර්ධනය කළ හැකි ව්‍යාපාරික පන්තියක් ලංකාව සතු බවත් මෙවැනි විජාතීයකරණයකට කැබිනට් අනුමැතිය කිසි විටෙකත් ලබා නොදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

(Visited 37 times, 1 visits today)

කාටූන්

ජයාරූප