ඛනිජ තෙල් වර්ජනයට එරෙහි අයුරින් අනෙකුත් වර්ජනවලදී ද ජනතාව ක්‍රියාත්මක විය යුතුයි.-එස්.බි

ඛනිජ තෙල් සේවක වර්ජනයට එරෙහිව ජනතාව නැගී සිටි අයුරින් අනෙකුත් වර්ජනවලදී ද ජනතාව ක්‍රියාත්මක විය යුතු බව අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ වර්ජනවලට එරෙහිව වත්මන් ආණ්ඩුව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.
මේ අතර රජයේ ප‍්‍රතිපත්තිවලට අභියෝග කිරීමට වෘත්තීය සමිතිවලට නොහැකි බවද එස්. බී. දිසානායක මහතා කියා සිටියේය.
ඛණිජ තෙල් සේවකයින් ඉකුත්දා ආරම්භ කළ වර්ජනය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.
එමෙන්ම ඛණිජ තෙල් සේවක වැඩ වර්ජනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ නොමැති බවද ඒ මහතා කියා සිටියේය.
(Visited 10 times, 1 visits today)

කාටූන්

ජයාරූප