ගංවතුරට සිසුන් 44 දෙනෙක් බිලි වෙයි!

අද(31) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර සිටියේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසල් සිසුන් 44 දෙනෙකු ඇතුළු 202ක් මිය ගොස් ඇති බවත් පාසල් ළමුන් 8 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාසල් ළමුන් 15ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පාසල් ළමුන් 2ක්, මාතර දිස්ත්‍රික්කයෙන් පාසල් ළමුන් 6ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාසල් ළමුන් 4ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් පාසල් ළමුන් 17ක් මෙලෙස මියගොස් ඇති බව අමාත්‍යවරයා පවසයි.

පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 8 ක පාසල් එළඹෙන ජූනි 2 වන දින තෙක් තාවකාලිකව වසා දමා ඇති බවත් එම පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයකට එළඹී නොමැති අතර ඒ පිළිබඳ අවසන් තීරණය සිකුරාදා දිනයේ දී ලබා දෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ අතර පාසල් ආරම්භ කිරීමෙන් පසුව පාසල් දරුවන්ට ඕනෑම ඇඳුමකින් සැරසී පාසල් වෙත යා හැකි බවත් ආපදා තත්ත්වයන්ට මුහුණ දුන් දූ දරුවන් වෙනුවෙන් මෙම සහනය ලබා දෙන බවත් අකිල විරාජ් මහතා වැඩි දුරටත් පැවසීය.

එමෙන්ම මේ වන විට ලංකාව තුළ පාසල් 10163 ඇති බවත් ඒවායින් අබලන් තත්ත්වයේ පවතින පාසල් ප්‍රතිසංස්කරණය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඉතා කඩිනමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ය.

(Visited 12 times, 1 visits today)

කාටූන්

ජයාරූප