ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ බිරිද අත්අඩංගුවට ගනී.

ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ බිරිද අද පෙරවරුවේ තංගල්ල පොලීසියට බාර වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුන් ගුණසේකර මහතා ප්‍රකශ කර සිටී.

කලින් තංගල්ලේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටි ඇයට එරෙහිව එම බැංකුවේ කලමණාකරු විසින් කරන ලද පැමිණිල්ලක් නිසා පොලීසිය විසින් ඇය සොයමින් සිටි නිසා නීතීඥයෙකු මාර්ගයෙන් මෙසේ පොලීසියට බාර වී ඇත.

රුපියල් 989,000ක් වටින් රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් බැංකුයේ කලමණාකරු විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.

2012.11.14 දින සිට 2016.04.22 දක්වා ඇය සේවය කරමින් සිටි කාලයේදී මෙම වංචාව සිදුව ඇතැයිද කලමණාකරු කියයි.

එලෙස ප්‍රකාශය ලබාදීමට පොලිසියට පැමිණි ඇයව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටී.ඇයව අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(Visited 6 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප