ගැටළු ඇතිකරන්නට අගමැතිගෙන් දැඩි නීති!

ප්‍රචණ්ඩකාරී සහ කලහකාරී සිද්ධීන් ඇති කරන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ගාල්ල – ගිංතොට ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
ගිංතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර පසුගියදා නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය.
අද පෙරවරුවේ ප්‍රදේශයේ තත්ත්වය නිරීක්ෂණය කළ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව සමඟ සුහද කතාබහක ද නිරත වු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය  සාගල රත්නායක, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් මෙන්ම පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් ද එක්ව සිටි බව සඳහන්ය.
(Visited 4 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප