ගිංතොට මුස්ලිම් පිරිසක් සිංහලයන් ඉලක්ක කර එල්ල කල ප්‍රහාරයෙන් 6 දෙනෙකු තුවාල එක් අයකුට බරපතලයි!

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ මුස්ලිම් පිරිසක් විසින් ප්‍රදේශයේ සිංහලයන් ඉලක්ක කර ඊයේ ප්‍රහාරයක් එල්ල කර තිබුනා. එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඒ අතරින් එක් පුද්ගලයෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස තුවාල ලැබුවන් වන්නේ ඉෂාර මදුසංක, දමිත් තරංග, සුමිත් රෝහණ, නුවන් සම්පත්, N.P නාමල් යන ප්‍රදේශයේ තරුණයන් පිරිසකි.

මෙම ප්‍රහාරයෙන් නිවාස කිහිපයකට හානි සිදුවී ඇති අතර වෙළෙඳ සැල් 5ක්, ත්‍රිරෝද රථ 1ක්, කුඩා ලොරි රථයක්, යතුරු පැදි 1ක් විනාශ වී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ.

(Visited 5 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප