ගීතා කුමාරසිංහගේ ද්විත්ව පුරවැසි ප‍්‍රශ්නය මත විවාහය දෙදරුම්

පසුගිය සමයේ මහත් ආන්දෝලනයක ලක්වී සිටි පාරිලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට ස්විස්ටරලන්ත පුරවැසි භාවය ඉවත් කර ගැනීම නිසා තම පුද්ගලික ජිවිතයටද බලපා ඇතිබවත් එමෙන්ම තමාගේ විවාහ ජීවිතය දෙදරුම් කා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ගීතා කුමාසිංහ මහත්මිය පවසයි

මේ සම්බන්ධයෙන් පවරා ඇති නඩුව නිසා තමන් එරට පුරවැසිකම අහෝසි කර ගැනීමත් සමග තමන් සතු එරට කෝටි ගණනක දේපලක්ද ලංකික දේශපාලනය නිසා අහිමි වූ බවත් එමෙන්ම ඇයගේ තම සැමියාද මේ ගැන දැඩි කනස්සලෙන් පසුවන බවද කියයි.
තමන් විවාහ වී වසර 37ක් වන බවත් මිට පෙර කිසිම බාධාවක් තම පුද්ගලික ජිවිතයට නොවූ අතර යහපාලනය තුලින් ද්විත්ව පුරවැසි ප‍්‍රශ්නය මත එම විවාහයේ බැම්මද කැඞී ගිය බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.
ඉදිරි දිනයකදී මෙම නඩුව සම්බන්ධයෙන් තීන්දුව ලබා දෙන බවද කී ඇය මේ සම්බන්ධයෙන් වන සියළු ලියකියවිලි අධිකරණයට ඉදිරිපත් කර ඇති නිසා අධිකරණයෙන් තමනට සාධාරණය හිමිවනු ඇතැයිද සදහන් කලාය

(Visited 144 times, 1 visits today)

කාටූන්

ජයාරූප